අමෙරිකාවේ දෛනිකව කොවිඩ්19 ආසාදිතයින් 50,000ක්

ජූලි 04, 2020

    කොරෝනා වසංගතයේ දරුණුතම බලපෑමට ලක්ව සිටින අමෙරිකාවේ දින කිහිපයක් පුරා අඛණ්ඩව වාර්තාවන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

    ඉකුත් පැය 24 තුළ එරටින් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 54,904ක්. එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 28 ලක්‍ෂයකට අධිකයි. ඊයේ පමණක් එරටින් මරණ 616ක් වාර්තා වූ අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 32,000කට අධිකයි. දෛනිකව ශීඝ්‍ර යෙන් ඉහළ යන ආසාදිතයන් හේතුවෙන් ටෙක්සාස් හා කැන්සාස් යන ප්‍රාන්තවල මුව ආවරණ පැළඳීම ඊයේ සිට අනිවාර්ය කර තිබේ. එරට තවත් ප්‍රාන්ත 19ක සහ වොෂින්ටන් ඩීසී ප්‍රදේශයේ එම තීරණය බලාත්මක කිරීමට ද පියවර ගෙන තිබේ.

    Latest News