ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව; රාජ්‍ය අමාත්‍යාංශයෙන් ජනපතිට සහතිකයක් ....

ඔක් 31, 2020

    මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.

    ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරේ. ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ප්‍රමාණය ඉහළ ප්‍රමිතියකින් මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදකයන් සූදානම් බව දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

    බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ ඊයේ (30) පස්වරුවේ ජනපති නිවසේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 31 ඔක්තෝබර් 2020 13:22

    Latest News