කොළඹ ඇතුළු නගර කිහිපයකට බහු මහල් රථගාල්

ඔක් 13, 2020

    කොළඹ නගරයේ සහ අනෙකුත් තෝරාගත් නගර කිහිපයක බහු මහල් රථගාල් ඉදිකිරීම සඳහා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    දිනපතා කොළඹ නගරයට හා තදාසන්න නගරවලට ඇදී එන වාහනවලින් සහ මාර්ග දෙපස නවතා ඇති වාහන වලින් සිදුවන මාර්ග තදබදය අවම කිරීම සඳහා විවෘත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් තෝරාගනු ලබන ආයෝජකයින් මඟින් රථගාල් ඉදිකර පවත්වා‍ෙගන යාම සඳහා එම වැඩසටහන සැලසුම්කර ඇත.

    එම ව්‍යාපෘතිය ක්‍රමවේද දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ නගරය තුළ සහ බත්තරමුල්ල, අනුරාධපුරය සහ මහනුවර යන නගරවල ස්ථාන 08ක සාමාන්‍ය ක්‍රමයේ බහු මහල් රථ ගාල් සහ යාන්ත්‍රික රථගාල් ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම ඉන් එක් යෝජනාවකි.

    Latest News