තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් 103ක ඡන්දය ගණන් කිරීම අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාලවලට ලැබී ඇති බව, මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අද රාත්‍රී 9.40ට පමණ ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ත් 82%ත් අතර පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම 80% සීමාවේ පවතින බවයි ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ප්‍රශස්ත මට්ටමක පවතින බව, කැෆේ සංවිධානය පවසයි.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේ  ඡන්ද විමසීමේදී දෘශ්‍යාබාධිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් වෙනුවෙන් විශේෂ පහසුකම් සැපයේ.

ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 04.30 වන විට 75% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රියාන් යාපා බොරලැස්ස මහතා පවසයි.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා 60, 000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා.

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් පැමිණෙන බවට ගෙන යන ප්‍රචාරවල කිසිඳු පදනමක් නැතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලින් තහවුරු වෙයි. එම දත්ත අනූව පෙන්නුම් කෙරෙන්නේ, සුවිශේෂ කාර්ණාවක් සේ සලකා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක් සිදුව නැති බවයි.

Latest News