පාර්ලිමේන්තුව අද රැස්වෙයි

දෙසැ 03, 2024
    පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට කථානායක අශෝක රංවල මහතාගේ ප්රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

    එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතයි.

    විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5.00ට පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසන්නේ.
     
    මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
     
    ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතයි.

    Latest News