මාරයා ගූගල් මැප් එකට රිංගයි

නොවැ 25, 2024
    ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංගාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්යය වාර්තා කරනවා.

    උත්තර් ප්රදේශයෙහි පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුයි මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.

    හානියට පත් මෝටර් රථය ගම්වාසීන් දැක එය ග‍‍ඟෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබෙනවා.
     
    මෙම වසර මුලදී ගංවතුර නිසා එම පාලමේ ඉදිරිපස කොටස ගඟට කඩා වැටී ඇති බවත්, පාලමේ නවතම තත්ත්වය GPSහි යාවත්කාලීන නර නොමැති බවත්, වාර්තාවල සඳහන් වනවා.
     
    මියගිය අය ගූගල් සිතියම් මත විශ්වාසය තබා ඇති බවයි ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ප්රකාශ කර ඇත්තේ.

    Latest News