දීඝදන්තු 1 අවසන් ගමන් යයි

නොවැ 28, 2024
    කලාවැව රක්ෂිතය හැඩකළ දීඝදන්තු 1 ලෙස හැඳින්වෙන දළ ඇතා මියගොස් තිබෙනවා.
    ඒ අනවසර විදුලි රැහැනක ගැටීම හේතුවෙන්.‍
    කලාවැව රක්ෂිතය අවට ප්‍රදේශවල සැරිසැරූ මෙම හස්තියා ඇත්ලෝලීන් අතර ප්‍රසිද්ධ වූයේ දීඝ 1 නමින්.
    අනුරාධපුර ආඬියාගම ඉඟුරුවැව ප්‍රදේශයේ නිවසක් අසලදී විදුලි රැහැනක් වැදීමෙන් හස්තියා මියගොස් තිබෙනවා.
    මියයන විට ඇතා අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවුනා.
    ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරින් සහ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    Latest News