ගිනිකොන දිග මෙක්සිකෝවේ අවන්හලක තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින්, පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මීට මාස කිහිපයක සිට ප්රචණ්ඩ ක්රියා වර්ධනය වෙමින් පවතින “ටබාස්කෝ” වෙරළබඩ ප්රදේශයේ, මෙම වෙඩි ප්රහාරය සිදුව තිබෙනවා.
අයුධ සන්නද්ධ පිරිසක් අවන්හලට කඩාවැදී ඇති අතර එහිදී යම් පුද්ගලයෙකු සොයා ඔවුන් ක්රියාකොට ඇති අතර සිදු වූ කලහකාරී තත්වය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවයි විමර්ශන කටයුතුවලදී හෙළි වී ඇත්තේ.
වෙඩි තැබීමෙන් පසු ආයුධ සන්නද්ධ පිරිස ප්රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර වෙඩි තැබීම හේතුවෙන් කිසිදු පාර්ශවයක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වී ඇත්තේ.