පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ දී ට්‍රැමඩෝල් මත්පෙති 6600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අලෙවි කිරිමමේ රට තුල තහනම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍ය කිලෝ 7 ග්‍රෑම් 500 සමඟ සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ධීවර ප්‍රජාවම දායක කර ගනිමින් මුහුදු මාර්ග ඔස්සේ රට තුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

Latest News