එන්.සී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

පෙබ 23, 2019

    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අලෙවි කිරිමමේ රට තුල තහනම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍ය කිලෝ 7 ග්‍රෑම් 500 සමඟ සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

     

    ඉන්දියාවෙන් මේ රටට නීතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම මත්ද්‍රව්‍ය පාසල් ළමුන් ඉලක්කකර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදේශයෙන් රැගෙනවිත් හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රහසිගතව සගවා තිබේ.

    අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කුඩා ටිවල අසුරා ටින් 25 බැගින් මත්ද්‍රව්‍ය ටින් 750 ක් කුඩා පෙට්ටි 30 ක අසුරා තිබුණ.

    ග්‍රෑම්10 බැගින් වූ එක් මත්ද්‍රව්‍ය ටින් එකක පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි, මෙම වැටලිම සිදු කල හැටන් කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය අද (23) හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල නිලධාරින් ප්‍රකාශ කළේය.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 09:50

    Latest News