ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ පුහුණුවීම් අද ආරම්භ කෙරිණ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 13 දෙනෙකු ඊයේ මෙම පුහුණු සැසිය සදහා කැදවනු ලැබූ අතර, පළමු දිනයේදී ඔවුන්ට ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සිදු කෙරිණ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම හිමිකරගැනීමට බංගලාදේශය සමත්විය.

පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක තියුණු ජයක් ශ්‍රී ලංකාව වාර්තා කලේය.

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු සිය 20යි 20 පළමු ශතයක වර්තා කිරීමට සමත් වූවාය.

පකිස්තානයේ පැවැත්වෙන, එක්දින සහ 20-20 ක්‍රිකට් තරග සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තම ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

වසර 15ක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර පිටිය වර්ණවත් කළ වේගපන්දු යවන ලසිත් මාලිංග ඊයේ එක් දින ක්‍රිකට් පිටියට සමුදුන්නා.ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් පසුවයි.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේදී ලැබූ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් එවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා සම්බන්ධ තොරතුරු සැපයීමට ලබාදී තිබූ සහන කාලය තුළ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කැඳවා තිබේ.

Latest News