ලහිරු වෙනුවට චාමික ඕස්ට්‍රේලියාවට

ජන 28, 2019

    ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කැඳවා තිබේ.

    ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැති ලැබී ඇති අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

    වේගපන්දු ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර ඇත්තේ ආබාධයකට ලක්ව සිටින ලහිරු කුමාර වෙනුවටයි.

    දුෂ්මන්ත චමීර පළමු ටෙස්ට් තරගයේදී වම් පාදයේ වලලුකර අබාධයකට ලක් විය. ආබාධයකට ලක්වූ ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර හෙට(29) දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    චාමික කරුණාරත්න පළමු පෙල තරග 29ක දී කඩුලු 59 ක් දවාගෙන ඇත. ඔහුගේ පළමු පෙල පන්දු යැවීමේ ඔහුගේ සාමාන්‍ය 34.16කි. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 63ට කඩුලු 5යි. ඔහු පිතිකරුවෙකු ලෙස නොදැවී ලකුණු 100ක් සහිතව තරග 29කදී ලකුණු 998ක් ලබා ඇත.

    චාමික කරුණාරත්න, ජාතික බැඩ්මින්ටන් සංචිතය නියෝජනය කරන නිලූක කරුණාරත්ගේ හා දිලූක කරුණාරත්නගේ බාල සොහොයුරා වේ.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 19:45

    Latest News