පකිස්තාන සංචාරයේ එක් දින නායකත්වය තිරිමාන්නට T20 නායකත්වයට දසුන්

සැප් 11, 2019

    පකිස්තානයේ පැවැත්වෙන, එක්දින සහ 20-20 ක්‍රිකට් තරග සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකයා ලෙස, ලහිරු තිරිමාන්න පත්කර තිබෙන අතර, 20-20 කණ්ඩායමේ නායකයා දසුන් ශානක. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියෙන් යුත් කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දස දෙනෙකු මෙම තරගාවලිය සඳහා සහභාගිවීමට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ, කණ්ඩායමේ නායකත්වය මෙලෙස වෙනස් වී තිබේ. ලහිරු තිරිමාන්න නායකත්වය දරන එක්දින කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් වේ. දසුන් ශානකයේ නායකත්වයෙන් යුත් 20-20 කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු නම් කර ඇත. ශ්‍රී ලංකා-පකිස්තාන තරගාවලියට එක් දින තරග 3ක් සහ 20-20 තරග 3ක් ඇතුළත්. ලබන 27 වැනිදා සිට ඔක්තෝබර් 9 දක්වා එය පැවැත්වීමට නියමිතයි.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 19:46

    Latest News