"සා" 23න් පහළ - ක්‍රිකට් රන් පදක්කම බංගලාදේශයට

දෙසැ 10, 2019

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම හිමිකරගැනීමට බංගලාදේශය සමත්විය.

    ශ්‍රී ලංකාවට එහි රිදී පදක්කම හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 122ක් රැස්කළේය. ශම්මු අශාන් ලකුණු 25යි. පන්දු යැවීමේ දී හසන් මහමුද් කඩුළු 3ක් දවාගත්තේය. ලකුණු 123ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම නියමිත කඩුළු 7ක් අතැතිව ජල ලබාගත්තේය. නජ්මුල් හුසේන් ලකුණු 35යි. ඒ අනූව 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම බංගලාදේශයට හිමිවිය.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 08:49

    Latest News