ජනාධිපතිවරණය ප්‍රකාශ කර තිබෙන කාලසීමාව තුළ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නීති විරෝධී ආකාරයට රජයේ දේපළ භාවිතා කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සමීපව විමර්ශනය කෙරෙන බව ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන)බී.පී.සී.කුලරත්න මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අදින් ආරම්භ වෙයි.

ලබන මස 06 වැනිදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.

ගතවූ පැය 24 ක කාලයකදී මැතිවරණ පැමිණිලි 126 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ගතවූ පැය 24තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් හා වෙනත් පැමිණිලි 96ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා (19) අලුයම වන තැපැල් කාර්යයාල වෙත ලැබී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ගත වූ දින 09 තුළ ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වැනිදා සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම පවසයි.

Latest News