ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (21) සිදු කෙරේ.

ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අද (19) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් බාර ගැනීමේ කාලසීමාව ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගිකව කළ නොහැකි බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ තරුණයෝ“ සංවිධානය අද මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

ඇලේජැන්ඩ්‍රෝ ජියමට්ටෙයි ග්වාතමාලා නව ජනාධිපති ලෙස තේරී පත්ව තිබේ.

යුක්‍රේන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති වොලර්ඩෙමි සෙලෙන්ස්කිගේ පක්ෂය ඉදිරියේන සිටින බව, මෙතෙක් නිකුත් වූ ඡන්ද ප්‍රතිඵල පෙන්වා දෙයි. විකට නළුවෙකු ලෙස පසුගිය අප්‍රේල් මාසයේ පැවති ජනාධිපතිවරණයට ඩොලර්ඩෙමි සෙලෙන්ස්කි ඉදිරිපත් විය.

යුරෝපා සංගම් මැතිවරණයෙන් දක්ෂිණාංශික පක්ෂවලට වැඩි බලයක් හිමිව තිබේ.

Latest News