වැසි නොතකා අගමැති, සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයේ

ඔක් 29, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (27) කොළඹ ජම්පටා වීදියේ ගෙන් ගෙට යාමේ චාරිකාවක නිරත විය.

    පැවැති මහ වැසි නොතකා මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ. රැස්වූ පිරිස ජයඝෝෂා නඟමින් රනිල් වික්‍රමසිංහ මහතාට ඉහළ පිළිගැනීමක් දැක්වූහ. ගෙන් ගෙට යමින් ජනතාව සමඟ සුහද පිළිසඳරේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා දිනවන ලෙස ඉල්ලා සිටියේය.

    ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා දීමකට ද ඔහු සහභාගී විය. මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පළාත් සභා මන්ත්‍රී ෆයිරූස් සාජි, නාගරික මන්ත්‍රීවරුන් වන රෝයි බෝගහවත්ත ඩිල්ෂාද්, නවුෆර් සහ නාගරික මන්ත්‍රිනී යූ. සඳමාලි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රී ෆායිස් ඇතුළු මහජන නියෝජිතයෝ විශාල පිරිසක් ද සහභාගී වූහ.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 09:35

    Latest News