එදා වැඩ බිමක් ලෙස දිස් වූ ශ්‍රී ලංකාව යළි එම තත්ත්වයට රැගෙන ඒම සඳහා සියලු දෙනා කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නව භාරකාර ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව අගමැති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා, අද අරලියගහ මන්දිරයෙන් නික්ම ගියේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙයි.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

හෙට (16) දිනයේ පැවැත්වෙන විශේෂ ජනාධිපතිවරණ මැතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

සියලු සත්වයන්ට ආදාරය දැක්වීමේ නබිතුමාගේ දර්ශනය අප සෑම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතු වේවායි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රාර්ථනා කරයි.

ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හට පොපි මලක් පැළඳවීම අද (09) දින කොළඹ, අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.