පසුගිය වසර 5 තුළ රට තුළ උපරිමයෙන් නීතිය ආරක්ෂා කිරීමට තම රජය කටයුතු කළ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු විදෙස් ආයෝජන දස ගුණයකින් වැඩි කරන බවට තමන් සහතික වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගනු ලබන යෝධ පියවරක් ලෙස ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව පැවසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සෞඛ්‍ය රක්ෂණය හරහා රටේ සියලු දෙනාට සෞඛ්‍ය සේවා ලබා ගැනිමේ පහසුකම හිමිවන බව පෙන්වා දුන්නේය.

පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය නවීකරණය කිරීම සඳහා රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) කොළඹ දී පැවසීය.

update- අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී එම ස්ථානයෙන් පිටවු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කොමිසම හමුවට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ රාත්‍රී පැවති සාකච්ජා බලාපොරොත්තු සහගතව අවසන් වූ බව, එම සාකච්ජාවෙන් පසු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත පැවසීය. සාකච්ජාව ඊයේ (11) රාත්‍රී 9.30ට පමණ අලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සාකච්ජාවට සහභාගී වීම සඳහා ඊයේ රාත්‍රී 9.00ට පමණ අරලියගහ මන්දිරයට පැමිණියේය. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුට එක්ව සිටියේය.

අගමැතිතුමා හා සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ජාව පැයකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වෙයි. සාකච්ජාව බලාපොරොත්තු සහගව අවසන් වූ බවත් ඉදිරියේ දී මෙම සාකච්ජාවේ ප්‍රතිඵල සුභවාදීව දැකගත හැකි බවත් සාකච්ජාවෙන් පසු මාධ්‍යයට සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂය සැමවිටම පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන බවත් ඒ අනූව, කෘත්‍යාධිකාරී මණ්ඩලය හා සාමූහිකව සාකච්ජා කර තීරණයට එළඹිය යුතු බව ද ඔහු පෙන්වා දුනි.

මෙම පක්ෂය පවුලක තීරණ ගන්නා පක්ෂයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය. ඉදිරියේ දී තවත් සාකච්ජාවක් පැවතිය හැකි බව ද මාධ්‍ය වෙත ඔහු කියා සිටියේය. තමා සද්ධන්ත ඇතෙකු මෙන් සිටින බවත් කිසිදු අවස්ථාවක එය වෙනස් නොවන බවත් ඔහු අවධාරණය කළේය. අගමැතිතුමා සමග පැවති සාකච්ජාවේ දී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග, එක්සත් ජාතික පෙරමුණ ගොඩනැගීම වැනි කාරණා ගැන ද සාකච්ජා කෙරුණු බව ඔහු කියා සිටියේය.

වරාය නගරය අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා අතර පැවති සාකච්ජාව අවසන් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

තම දේශපාලනය බිඳවැටීමට ඉඩ නොදුන්නා සේම රටේ ආර්ථිකය කඩා වැටීමට තමන් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) මතුගම, වැලිපැන්නේදී පැවසීය.