ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්විණි.

වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් තුන්දහස් තුන්සිය තිස් දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) දින රාත්‍රියේ පැවැත්විණි.

කුරුණෑගල පළාත් මහ රෝහල අතිනවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදි කර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොළොන්නරුව ‌‌ෙඑතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව, වාහල්කඩ සහ දානශාලා ගොඩනැගිල්ල සසුනට පූජා කිරීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.

පොළොන්නරුව ‍ඓතිහාසික සොළොස්මස්ථාන රජමහා‌ විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (15) පස්වරුවේ ජනතා අයිතියට පත් විය.

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනා ඇතුළත් ග්‍රන්ථය අද 2020.11.16 දින බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදී.

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය විසින් විජේරාමේ පිහිටි නිල නිවසේදී, මෙම ග්‍රන්ථය අග්‍රමාත්‍යතුමාට පිළිගැන්වූහ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

vikalpa.jpg

පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමි හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න, ආචාර්ය පාලිත කොහොන, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, රංජිත් තෙන්නකෝන්, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහත්වරුන්ගෙන් මෙම අනුකමිටුව සමන්විතය.

ග්‍රන්ථය පිළිගැන්වීමේ අවස්ථාව සඳහා බුද්ධශාසන කාර්යසාධන මණ්ඩලයේ සභාපති, ආනන්ද මහා විද්‍යලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ආචාර්ය දිවියාගහ යසස්සි හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුවේ සභාපති පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමි, මාලිගාකන්ද විද්යෝදය පරිවේනාධිපති බලංගොඩ සෝභිත හිමි සහ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, නියෝජ්‍ය සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහත්වරු එක්ව සිටියහ.