බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමේ ආයතනයේ 23 වන වාර්ෂික සහතික පත් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

වව්නියාව රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම හා වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබීමේ උත්සවය අද (14) පැවැත්විණි.

පොසොන් පොහෝ දා මෙරටට උරුම වූ සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප‍්‍රමාණ මෛති‍්‍රය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තරීතර පරමාදර්ශය ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත දැන් උදා වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තමා බලවත් සේ කනගාටු වන බවත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමාත්, අමෙරිකා එක්සත් ජනපද ජනතාවත් සූදානමින් සිටින බවත් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවැසීය.

වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය ද අප සැමට ආලෝකයේ දිනයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී තිබෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ලෝක ආර්ථිකය සමඟ කටයුතු කිරීමට නව තාක්‍ෂණයත් එක්ක ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

රජයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්විණ.