අයිස් මත්ද්‍රව්‍ය සමඟ 2ක් දැලේ

ඔක් 24, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමඟ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.

    වැටලීම සිදු කෙරුණේ, තලවතුගොඩ වික්‍රමසිංහපුර ප්‍රදේශයේදී.

    සැකකරුවන් දෙදෙනා පිළියන්දල මල්ලියා සහ තලවතුගොඩ බොත්තමා ලෙස හැඳින්වෙන බව පොලිසිය පවසයි. විද්්‍යුත් තරාදි දෙකක් හා රුපියල් 15,000ක මුදලක් පොලිසිය බාරයට ගැණින. පසුව ඔවුන්ගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි කාන්තාවක ඇතුළු 6ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

     

    Latest News