මම එන්නේ ජනතාවගේ කැමැත්තෙන්.... දෛවය තමයි සියල්ල තීරණය කරන්නේ

සැප් 21, 2019

    දේශපාලනයට පිවිසෙන්නේ නම් එය ජනතාවගේ ඉල්ලීම මත පමණක් සිදුවන බව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසයි.

    ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය රචිත ග්‍රන්ථයක් ඊයේ (20) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළි දැක්වු අවස්ථාවේදී ඇය මේ අදහස් පළ කළාය.

    හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ "උත්තරීතර දෝශාභියෝගයේ ඇතුළාන්තය" කෘතිය සහ එහි ඉංග්‍රීසි පිටපත වන "HOLD ME IN CONTEMPT" යන කෘතියන් දොරට වැඩුම ඊයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සිදුවුණි.

    හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය.....

    “ මේ පොතේ ඇතුලත් වෙලා තියෙන්නේ මාව 2013 වසරේදි දෝෂාභියෝගයකින් නෙරපා හැරිම. ඒ පොත් දෙකේ ඇතුලත්ව තියෙනවා සියලු කරුණු“.

    ඔබ තුමිය ජනාධිපතිවරණය ඉදිරිපත්වන බවට කථාවක් තියෙනවා?... “එහේම කතාවක් තියෙනවාද. ඒක ජනතාවගේ කැමැත්ත. මම මේ දක්වා ආපු ගමනේ කිසිම දෙයක් සැලසුම් සහගතව ආපු ගමනක් නොවෙයි තියෙන්නේ. ඡන්දයකදී, මේතන තියෙන්නේ ඉදිරිපත්වීම නොවෙයි මෙතන බලපාන්නේ ජනතාවගේ කැමැත්තයි. මේ හැමදෙයක්ම දෛවය තීරණය කරයි“.

    දෛවය තිරණය කලොත් ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඔනේ කියලා ඔබ තුමිය ඉදිරිපත් වනවාද?... “දෛවය නොවෙයි ජනතාව තිරණය කරන්න ඕනේ. දෛවය තිරණය කරලා තියෙන්නේ මාව යම් යම් තැන්වලට ගෙන එමට. දෛවය මාව මේතැනට ගෙන ආවේ නැති නම් මේ කිසිදෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. 1981 ඉඳලා මා සිටි සියලුම තනතුරුවල සාදාරණයක් කළා කියලා කියන්න පුළුවන්. ඒ ආපු තැන් මම කලින් සැලසුම් කරලා ආපු තැන් නොවේ. හැබැයි මම ආපු තැනට සාධාරණයක් කරන්න උත්සහ කළා. මම යම් තැනකට ආවාද, ඒ තැනට මම සාධාරනය කරන්න උත්සහ කළා. මට වැදගත් වන්නේ රට, ජනතාව සහ රටේ අනාගත අභිවෘද්ධිය. එකයි මාගේ ඇත්තටම අවංක ප්‍රාර්ථනාව යැයි අය කියා සියාය.

    Latest News