ශ්‍රී ලංකාවේ සංවර්ධන සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බවට ලෝක බැංකුව යළි තහවුරු කරයි. නව තාක්ෂණය හා කෘෂි කර්මාන්තය ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉහළ නැංවිය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4කින් වර්ධනය වනු ඇති බවට, ලෝක බැංකුව අනාවැකි පළ කරයි.

Latest News