අමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළම අගය වාර්තා කර තිබේ.

ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව වන 44,530 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 30කට ආසන්න වී තිබේ.

කොරෝනා වසංගතයේ දරුණුතම බලපෑමට ලක්ව සිටින අමෙරිකාවේ දින කිහිපයක් පුරා අඛණ්ඩව වාර්තාවන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 40,540ක් හඳුනා ගැණින.

ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

අමෙරිකාවේ ප්‍රමාදව තිබූ ප්‍රාථමික මැතිවරණ කිහිපයක්‌ ඊයේ පැවැත්වුණා.

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති ලෝක බලවතා වන අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 20,000 ආසන්න වී තිබේ.

අමෙරිකාව මීට පෙර කොරෝනා වෛරසය සඳහා භාවිත කළ හයිඩ්‍රොක්සි ක්ලරෛාක්වින් නමැති ඖෂධය හදිසි අවස්ථාවන් සඳහා භාවිත කිරීම නවතා තිබේ.

කොවිඩ්-19 රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ අමෙරිකාවේ 1063 දෛනෙකු මියගොස් තිබේ.

මේ වනවිට ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ, අමෙරිකාවයි

Latest News