පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල තොරතුරු මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
කඩු කිනිසි ඇතුළු ආයුධ මෙන්ම හමුදා ඇඳුම් හෝ ඊට සමාන ඇඳුම් සන්තකයේ තබාගෙන ඇත්නම් ඒවා ළඟම ඇති පොලිස් ස්ථානයට බාරදෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉරු දින විශේෂ දේව මෙහෙයක් අද පැවැත්විණ.
දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයිය යුතු බැවින්, ඊට සහායක් ලෙසින් ඇමති ආරක්ෂක නිලධාරීන්ද ප්‍රතික්ෂේප කිරිමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත තිරණය කර තිබේ.
පුඩළුඔය තැපැල් කාර්යයාලයට ලැබෙන ලිපි තැපැල්කරුවෙකු විසින් අයිතිකරුවන්ට බෙදා නොහැර ගිනි තබා විනාශ කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පිටකෝට්ටේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී Ltte යුද සමයේ භාවිතා කළ උණ්ඩ 193 ක් සොයා ගැනීමට මිරිහාන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්වි තිබේ.
ඩුබායිහිදී අත්අඩංගුවට පත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වු මාකඳුරේ මධුෂ් එරටින් පිටුවහල් කර අද (05) දිවයිනට පැමිණි පසු කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ. සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද අළුයම 5ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායකගුවන් තොටුපලට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31දෙනෙකු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් පසු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත බන්ධනාගාර ගත කර තිබිණි.
මෙම සාධයට සහභාගිවු පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් ද සිටි අතර ඔවුන් ද අත්අඩංගුවට පත්වුයේය. අත්අඩංගුවට පත් මදුෂ් ඇතුලු කණ්ඩායම සම්න්ධයෙන් එරට පොලිසිය සිදුකල පරීක්ෂණ අනුව අවස්ථා කිහිපයකදී මොවුන් පිටුවහල් කළ අතර ප්‍රථමයෙන් දිවයිනට පැමිණියේ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා වේ.
ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ සිටි මෙම කණ්ඩායම අවස්ථා කිහිපයකදී ලංකාවට පැමිණි පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව පිරිසක් මුදා හැරි අතර තවත් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගත කෙරිණි. ඩුබායි රාජ්‍යයෙන් මීට සතියකට පෙර පිටුවහල් කිරීමෙන් ලංකාවට පැමිණි පසු ගායක අමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදා හැරිණි.
ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකදුරේ මදුෂ් ඩුබායි අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප විය. මේ අතර මාදුෂ් දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනිම වැලැක්විමට ඔහුගේ ඥාතියෙක් විසින් ශ්‍රේඨාධිකරණයට ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද ප්‍රතික්ෂේප කෙරිණි.
මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් විශාල ප්‍රමාණයකට අත්අඩංගුවට ගැනිමට අවශ්‍යව සිටින මාකදුරේ මදුෂ් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහු පොලිසියෙන් චෝදනා එල්ල වී තිබේ.
දකුණ පලාත් සභාවේ හිටපු පලාත් සභා මන්ත්‍රිවරයෙකු වන ඩැනි හිත්තැටියගේ මහතාව 2006 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව ද මාකදුරේ මදුෂ්ට එල්ලවි ඇත.