අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් සඳහා පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලක්

ජන 02, 2021

    අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් සඳහා පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මිහින්තලය ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ජාවකට සහභාගි වෙමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. හාල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ලුණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන ආහාර වර්ග සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉහළ ගුණත්වයකින් යුත් භාණ්ඩ අවම මිලකට මිලදී ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    අවම සැපයුම් මිල ගණන් යට‍තේ ලබාගන්නා නිෂ්පාදනයන්, සෘජුවම සතොස සමූපකාර හා "කි්‍යු ෂොප්" ජාලය හරහා පාරිභෝගික ජනතාවට සැපයීමට මෙහිදී පියවර ගැනේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථායිකරණය මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

    පෙබරවාරි මාසයේ සිට මාස 6ක කාලයක් ආරම්භක පියවර වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දේශීය නිෂ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිල ගණන් කැඳවීමේ පුවත්පත් දැන්වීමක්, මේ මස දී පළ කිරීමට‍ සූදානම් බව ද, අමාත්‍යවරයා ‍පැවසීය.

    Latest News