කොවිඩ් සමය තුළ ආරම්භ කර අවසන් කෙරුණු ව්‍යාපෘතියක් ලෙස මෙය සැලකේ. මෙය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි. ජනතාව නගර කරා පදික මංතීරු ඔස්සේ ගමන් කිරීම දිරි ගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි. ගාලුමුවදොර ඉදිරිපිට බාලදක්ෂ මාවතේ පිහිටා ඇති මෙම ඇවිදින මංතීරුවේ සහ එළිමහන් අවන්හලේ ඉදිකිරීම් පසුගිය ජුලි 08 වැනිදා ආරම්භ කෙරිණ. එය ජනතා අයිතියට පත් කෙරුණේ, පසුගිය 29 වැනි දිනයි.
මේ වනවිටත් එය ජනතා ආකර්ශනයට ලක්වූ ස්ථානයක් බවට පත්ව ඇති ආකාරයට දැකගත හැක. මේ සඳහා රජය රුපියල් කෝටි 6ක් වැය කර තිබේ. හෙක්ටයාර 0.8ක පරාසයක් තුළ පැතිරුණු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින්. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහය ද මීට හිමිවිය. පැමිණෙන්නන් සඳහා අවශ්‍ය රථ ගාලක් මෙන්ම සාප්පු 60කින් සමන්විත සංකීර්ණයක් ද මෙහි ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.