අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු සහ ඡයාරූප වාහනවල ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට අනුකූල නොවන බැවින් එවැනි ස්ටිකර් සහ කොඩි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම පොලීසියට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (පාලන) ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරණය ප්‍රකාශ කර තිබෙන කාලසීමාව තුළ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නීති විරෝධී ආකාරයට රජයේ දේපළ භාවිතා කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සමීපව විමර්ශනය කෙරෙන බව ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන)බී.පී.සී.කුලරත්න මහතා පවසයි.

යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින් 2019 ජනාධිපතිවරණ පූර්ව නිරික්ෂණ මෙහෙයුම් ඊයේ(22) සිට ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරණය සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ,බැනර්, කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

තැපැල් කාර්යාල වෙත ලැබුණු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පති‍්‍රකා තේරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරණය සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර්,බැනර්,කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සමික්ෂණ වාර්තා අනුව 2019 ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ වැඩි පාවෙන ඡන්ද සංඛ්‍යාවක් ඡන්දය බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසයි.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 375ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලයාධිපති විසින් මැතිවරණ කොමිසම වෙත බාරදි තිබේ.

Latest News