ජේම්ස් බොන්ඩ් ජීවිතය හැරයයි

නොවැ 01, 2020

    සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑමෙන් ලොව පුරා සිනමා රසික සිත් දිනාගත් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ශෝන් කොනරි අද මිය ගොස් ඇත.

    ඔහු මිය යන විට 90 වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ස්කොට්ලන්තයේ උපත ලැබූ ශෝන් කොනරි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ජේම්ස් බොන්ඩ් රහස් ඒජන්තවරයා ලෙසය.

    ඔහු බොන්ඩ් චිත්‍රපට 07කට රංගනයෙන් දායකවී තිබේ.

    2000 වසරේ දී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් මහරැජින ශෝන් කොනරිට "නයිට්" පදවියක් ද පිරිනමන ලදි.

    Latest News