අමෙරිකාවේ මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

ඔක් 31, 2020

    අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ, අමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්ත ගණනය කිරීම්වලට අනුව ඊයේ (29) වනවිට අමෙරිකානුවන් මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

    අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

    දැනට කර ඇති ගණනය කිරීම්වලට අනුව මිලියන 80කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර ඒ අනුව සියවසකට පසු වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය මෙය වනු ඇතැයි පැවසේ.

    මේ වනවිට වාර්තාගත වේගයකින් අමෙරිකානුවන් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර 2016 වසරේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩකට වඩා ඉක්මවා ගොස් ඇතැයි ද වාර්තා වේ.

    අවසන් වරට පැවැති මැතිවරණයෙන් අමෙරිකානුවන් මිලියන 136ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, මේ වනවිට එම සංඛ්‍යාවෙන් සියයට 58කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

    අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියාවී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩන්ය.

    බැරැක් ඔබාමා අමෙරිකාවේ ජනාධිපති ධුරය දරන සමයේදී ජෝ බයිඩන් එරට උප ජනාධිපති ධුරය හෙබවීය.

    මැතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කරන ස්ථානවල නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් තිබුණ ද මේ වනවිටත් ජනතාව විශාල වශයෙන් මේ වනවිටත් ඡන්දය ප්‍රකාශ කර ඇත.

    ඇතැම් පිරිස් ඡන්ද මධ්‍යස්ථානයට යමින් ද ඇතැම් පිරිස් තැපෑල මාර්ගයෙන් ද ඡන්දය ප්‍රකාශ කර ඇත.

     

    Latest News