හොංකොං පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07කු අත්අඩංගුවට

නොවැ 01, 2020

    ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතීභාවය දක්වමින් කටයුතු කළ හොං කොං රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    හොං කොං රජයට විරුද්ධව ක්‍රියාත්මක වන උද්ඝෝෂණ සඳහා පසුගිය මැයි මාසයේදී ඔවුන් සහයෝගය දක්වා ඇති බවට කරුණු අනාවරණයවී ඇති බවයි, හොං කොං බලධාරීන් සඳහන් කරන්නේ.

    ඒ හේතුවෙන් මෙම මංත්‍රීවරුන් 07 දෙනා ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හොං කොං පොලීසිය සඳහන් කරනවා.

    දේශපාලන අස්ථාවර භාවයක් ගොඩනැගීමට කටයුතු කිරීමයි ඔවුන්ට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව.

    පසුගිය ජුනි මාසයේදී චීනය හොං කොං රාජ්‍ය වෙත නව ආරක්ෂණ නීති හදුන්වාදීමත් සමගම රජයට විරුද්ධව ක්‍රියාකාරකම්වල නිරත වීම සම්පූර්ණයෙන් තහනම් වනවා.

    Latest News