ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයින්ගේ අඩුවක්

ඔක් 14, 2020

    ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යම් තරමක අඩුවක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

    මාස දෙකකින් පසු සටහන් වන අවම අගයන් ලෙසයි එම සංඛ්‍යා දැක්වෙන්නේ.

    එමෙන්ම දෛනික මරණ සංඛ්‍යාවේද තරමක අඩුවක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දේ.

    පසුගිය කාලවකවානුව තුළ ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව අනූදහස ඉක්මවා ගිය බව සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.

    ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 63,517ක්.

    මරණ සංඛ්‍යාව 723 කි.

    ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7,237,082ක් ලෙසයි සඳහන් වන්නේ.

    Latest News