ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය විනාශවීමේ අවදානමක

ඔක් 14, 2020

    කාලගුණික විපර්යාස සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

    ලොව පුරා පවතින විවිධ වර්ගයේ කොරල්පර 2017 වර්ෂයේ සිට විනාශ වෙමින් පවතින බව පර්යේෂකයින් හෙළි කර තිබෙනවා.

    මානව ක්‍රියාකාරකම් මේ සඳහා මූලිකවම බලපා ඇති බවයි, ඔවුන් වැඩිදුටත් පෙන්වා දෙන්නේ.

    ජලජ පැලෑටි මත්ස්‍යයන් ඇතුළු සාගර සම්පත් රැසක් ද විනාශවීමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා.

     

    Last modified on බදාදා, 14 ඔක්තෝබර් 2020 18:39

    Latest News