කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල් ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ දී යුද්ධ හමුදා ඇඳුමට සමාන නිල ඇඳුමකින් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් සිදුවන දෑ අනවසරයෙන් නිරික්ෂණය කිරීමට ඔත්තු බලන හැකර්වරුන්ට හැකිවී ඇතැයි වාර්තා වෙයි.
රටපුරා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවල දී ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති වාහනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ.
වයඹ පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යළි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි.
නොසන්සුන්තා ඇතිවූ ප්‍රදේශවල හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දිවා රාත්‍රී යෙදවීමට ද පියවර ගෙන ඇති බව ගුවන් හමුදාව පවසයි.