whatsapp ඔත්තුබලන හැකර්වරුන්

මැයි 15, 2019

    වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් සිදුවන දෑ අනවසරයෙන් නිරික්ෂණය කිරීමට ඔත්තු බලන හැකර්වරුන්ට හැකිවී ඇතැයි වාර්තා වෙයි.

    මෙවැනි ආකාරයේ අනවසර ඇතුළුවීම් මෙම මස මුලදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ජංගම දුරකථන සහ වෙනත් විද්‍යුත් උපකරණ මගින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය පිළිබඳව දුරස්ථව සිට ඔත්තු බැලීමට හැකර්වරුන්ට හැකිවී ඇති බව තහවුරු වී තිබේ. දුරස්ථව සිට මෘදුකාංගයකින් භාවිතා කරන්නන්ගේ ගිණුම් වෙත පිවිස මෙසේ එම තොරතුරු නිරීක්ෂණය කර ඇති බවට වාර්තා වෙයි.

    අදාළ මෘදුකාංගය නිර්මාණය කරනු ලැබ ඇත්තේ, ඊශ්‍රායලය මූලික කරගත්, අමෙරිකානු අයිතිය ඇති ආරක්ෂක සමාගමක් විසින්. එය එන්.එස්.ඕ. නමැති සමාගමක් බවයි, අමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත අනාවරණය කරන්නේ.

    ඔවුන් එම වට්ස්ඇප් තොරතුරු ග්‍රහණය කර ගැනීමට උත්සහ කර ඇති බැවින් යෙදවුම් යාවත්කාලීන කරන ලෙස ග්‍රාහකයන් ඉල්ලා සිටියි. වට්ස්ඇප් අයිති ෆේස්බුක් සමාගම පවසන්නේ ඉන් පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.

    Last modified on බදාදා, 15 මැයි 2019 09:55

    Latest News