ලෝක මලල ක්‍රීඩා තරු‍ අද සිට එකම පිටියට

අගෝ 19, 2023

    2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය (2023 World Athletics Championships) හංගේරියාවේ බුඩපේස්ට්හිදී (Budapest) අද (19) ආරම්භ වනවා.

    තරගාවලි ඉතිහාසයේ 19 වැනි අදියර මෙයයි.අගෝස්තු 19 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන මීට ඉසව් 49ක් ඇතුළත්.

    තරග පැවැත්වෙන්නේ 36,000 ප්‍රේක්ෂක ධාරිතාවයකින් යුතු හංගේරියා ප්‍රධාන ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගනය (National Athletics Centre)හිදීයි.

    රටවල් 200කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2100කට අධික සංඛ්‍යාවක් මෙවර මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

    ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද නදීකා දිල්හානි ලේකම්ගේ ( හෙල්ල විසි කිරීම), අරුණ දර්ශන ( මීටර 400) සහ මීටර 400 පිරිමි සහය ධාවන ඉසව්වට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.

    Latest News