සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියළු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිවිසීමට නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00ට විවෘත කරනු ලැබීය.

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම දිවයිනට රැගෙන එනු ලැබීය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන්, කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළ වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය අසළ තහනම් කලාපයේ නීති විරෝධීව ගුවන් මගීන්ට බාධා වන ලෙස රැඳි සිට තැරැව් කිරීමේ වරදට පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානයක මියගිය ඉන්දුනීසියානුවන් දෙදෙනාගේ දේහයන්, මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඉන්දුනීසියාවට පිටත් කර යැවීමට නියමිත බව කොළඹ ඉන්දුනීසියා තානාපති කාර්යාලය පවසයි.

තායිලන්ත එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද අලුයම 2.45ට පමණ කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා තිබේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ හා අවට ප්‍රදේශයන්හි පවතින වාහන තදබදයට විසඳුමක් ලෙස ඒ අවට නව රථාවහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම තීරණය කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.

Latest News