ලක්ෂ 78ක හෂීස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මාර් 01, 2019

    රුපියල් ලක්ෂ 78ක වටිනාකමක් ඇති හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනී.

    සැකකරුවන් සතුව හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් තිබී ඇත. වැටලීම  සිදුකර ඇත්තේ, පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාශයයි.

    ඉතාලියේ සිට විශේෂ ගුවන් තැපැල් සේවාවක් මාර්ගයෙන් විදුලි උපකරණ තුළ සඟවා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් තිබේ. ඒවා මීගමුව හා කුලියාපිටිය ප්‍රදේශවල විවිධ පුද්ගලයින්ට ලබාදීමේ ජාවාරමක නිරතව සිට ඇති බව ද වාර්තා වේ.

    Latest News