ආර්ථික මධ්‍යස්ථාන සියල්ලෙහිම වෙළෙඳාම් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට‍ අනුගතව

මැයි 30, 2021

    දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සියල්ලෙහිම වෙළෙඳාම් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට‍ අනුගතව අද ආරම්භ කෙරිණ.

    සංචරණ සීමා කාලසීමාවේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළෙඳසැල් අද සහ හෙට විවෘත කර තැබීමට රජය තීරණය කර තිබේ. පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට අද උදෑසන වනවිට විශාල වශයෙන් එළවළු තොග ලැබී තිබිණ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එහි වෙළෙඳාම් සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.

    අද සහ හෙට මෙය විවෘතව තැබෙන අතර, සංචරණ කාලසීමාවේ අවසරලත් වෙළෙඳුන් විශාල පිරිසක් අද පැමිණ සිටිනු දැකගත හැකිවිය.

    Latest News