කොවිඩ් වැළඳී සුව වූ පසුව, කොවිඩ් සහ ඒ ආශ්‍රිත වෙනත් රෝගවලින් මියයාමේ අවදානම 50%කින් ඉහළට....

මැයි 17, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳී සුව වූ පසුව, කොවිඩ් සහ ඒ ආශ්‍රිත වෙනත් රෝගවලින් මියයාමේ අවදානම 50%කින් ඉහළ යන බව පරීක්‍ෂණයකින් හෙළි වී තිබේ.


    මේ බව හෙළි වී ඇත්තේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතවූවන් 87,000ක් යොදා ගෙන කළ පරීක්‍ෂණයකින්. පසුගිය මාස 6 තුළ පමණක් එම අගය 60%ක් තරම් ඉහළ අගයක් ගත් බව සමීක්‍ෂණයෙන් ‍පෙන්වා දෙයි. අමෙරිකානු විශ්වවිද්‍යාලයක් මෙම සමීක්‍ෂණය සිදුකර තිබේ.

    එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, කොවිඩ්-19 රෝගයට පසුව අමෙරිකාවේ තවත් දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බවයි. කොරෝනා වෛරසය ස්වසන මාර්ගය ආශ්‍රිත රෝගයක් වුවත්, එමගින් ශරීරයේ ඉන්ද්‍රියන්ට දැඩි බලපෑමක් එල්ල වන බව ද එම වාර්තාවේ සඳහන්.

    කොවිඩ්-19 රෝගය වැළඳී සුව වූ පසු ස්වසන රෝග, ස්නායු ආශ්‍රිත රෝග මෙන්ම මානසික සෞඛ්‍ය ගැටලු ද ඇතිවිය හැකි බව පෙන්වා දෙයි. ඊට අමතරව දියවැඩියාව, කොලෙස්ටරෝල්, ස්ථුලතාව වැනි රෝග මෙන්ම වකුගඩු ආශ්‍රිත රෝග ඇතුළු ගැටලු රැසක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම සමීක්‍ෂණයෙන් පෙන්වා ‍දී තිබේ.

    එම නිසා කොරෝනා වෛරසය සුව වූ පසුවද සෞඛ්‍ය තත්වය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News