වෙසක්; ප්ලාස්ටික් සහ පොලිතින්වලින් නිම කළ සැරසිරි භාවිත නොකරන්න

මැයි 17, 2021

    මෙවර වෙසක් උත්සවයේ දී ප්ලාස්ටික් සහ පොලිතින්වලින් නිම කළ සැරසිරි භාවිත නොකරන්නැයි, පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කොරෝනා ව්‍යාප්තිය නිසා නිවෙස් සියලු දෙනාම එක්වී පරිසර හිතකාමී දෑ යොදා ගනිමින් සැරසිලි කිරීමට මෙවර අවස්ථාව උදාවී ඇති බව, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් නිර්මාණය කළ සැරසිලි සහ එම අමුද්‍රව්‍ය යොදා ගෙන සිදු කෙරෙන වෙසක් සැරසිලි බහුලව දක්නට ලැබේ.

    එමගින් විශාල පරිසර හානියක් සිදුවන බව, නිරීක්‍ෂණය වී ඇත්තේ, විවිධ උවමනා සඳහා වාර්ෂිකව පොලිතින් හා ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් එක් ලක්‍ෂ 77,200ක් ආනයනය කෙරෙන අතර, ඉන් 92%ක්ම පරිසරයට මුදා හැරේ.

    පොලිතින් සහ ප්ලාස්ටික් ආනයනයට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි 5,800ක්. මේ පිළිබඳ අවධානය යොමුකර වෙසක් සමයේ සිය සැරසිලි සකසන්නැයි, පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ, මෙවර වෙසක්සමය නිවසට වී ගත කරන ලෙසයි.

    Latest News