WHO කොවැක්ස් එන්නත ශ්‍රී ලංකාවට

මාර් 07, 2021

    කොවිඩ් මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත එන්නත් ප්‍රමාණයෙන් එන්නත් දෙලක්‍ෂ 64,000ක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.

    එම එන්නත් අවදානම් ප්‍ර දේශවල අවදානම් කාණ්ඩයට අයත් වයස අවුරුදු 60ට වැඩි ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත. එන්නත් තොගය රැගත් එම්රේට්ස් ඊ.කේ. 2528 දරණ විශේෂ ගුවන් යානය අද අලුයම 12.20ට පමණ මෙරටට ළඟ විය. යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලැබූ එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

    එම එන්නත් තොගය, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී නිල වශයෙන් බාරදෙනු ලැබීය. ඒ යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය විසින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News