රක්ෂණ සංස්ථාව 23 කෝප් කමිටුවට

පෙබ 20, 2021

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසීය.

    ඉන්පසු ලබන 24 වැනිදා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ නායයෑම් අධිඅවදානම් කළාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්‍ය සාධනය මෙම කාරක සභාවේදී විමසීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News