කිමිදුම් කරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර - අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

පෙබ 20, 2021

    කිමිදුම් කරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කිමිදුම් කරුවන්ට පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

    සමස්ත ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතර, හමුවක් ධීවර අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

    රාත්‍රී කාලයේ කිමිදුම් රැකියාවේ යෙදෙන්නන්ට පනවා ඇති තහනම් නීති ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම සංගම් නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියා.

    මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑමයකින් රුපියල් දෙදහසක හා පොකිරිස්සන් කිලෝග්‍රෑමයකින් රුපියල් 8000 ක ආදායමක් තමන්ට ලැබෙන බවත් තමන්ට පවත්නා තහනම හේතුවෙන් එය අහිමි වී යන බවත් කිමිදුම් කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළා.

    ඒ අනුවයි ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට අමාත්‍යවරයා එකගතාව පළ කළේ.

    Latest News