මධ්‍යම තැපැල් හුමවාරුවේ රාජකාරි නැවත අරඹයි

නොවැ 08, 2020

    සීමි කාර්ය මණ්ඩලයක් යොදවා ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවෙහි රාජකාරී කටයුතු නිරෝධායන ඇඳිරි නීති තත්වයට යටතේ සිදු කළ ද, එම කාර්ය මණ්ඩලය අහඹු පීසීආර් පරීක්‍ෂණයකට ලක්කරන ලදුව අවස්ථා තුනකදී ආසාධිත රෝගීන් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ එහි කටයුතු මුළුමනින්ම අත්හිටුවීමට පසුගිය 05 වැනි දින සිට තීරණය කරන ලදි.

    විෂබීජහරණයට ලක්කරන ලද මධ්‍ය තැපැල් හුවමාරුව හෙට (09) සිට සීමිත රාජකාරි කිහිපයක් සඳහා විවෘත කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව

    ජාත්‍යන්තර අධිවේගී තැපෑල (EMS Courier)

    ව්‍යාපාරික තැපෑල (Business Mail)

    දේශීය අධිවේගී කුරියර් සේවාව (SL POST Courier)

    ලියාපදිංචි ලිපි (Register Letters) අංශය තේරීම් කටයුතු සඳහා අඟහරුවාදා දින විවෘත කිරීමට අපේක්ෂා කරන අතර, කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු ලබන 11 වන බදාදා සිට ඇරඹීමට අපේක්ෂා කෙරේ.

    රජයේ හෝ පෞද්ගලික ආයතන සඳහා මුද්දර මුද්‍රා යන්ත්‍ර සම්බන්ධ කටයුතු හෙට සිට ඉටු කරගත හැකි අතර, ඒ සඳහා දුරකතන අංක 011-2320700 අමතා වේලාවක් වෙන්කරගත යුතු බව දන්වා සිටී.

    Latest News