කොවිඩ්-1‍9; සමෘද්ධි නිලධාරීන්ගේ සේවයට, පහසුකම් සැලසීමට අමාත්‍ය දේවානන්දා පියවර ගනී.

නොවැ 08, 2020

    උතුරු පළාතේ ජනතාවට කොවිඩ් 19 තත්වය හමුවේ රජය ලබාදෙන සහන ලබාදීම වෙනුවෙන් තම සෞඛ්‍ය ගැන නොතකා කටයුතු කරන සමෘද්ධි නිලධාරීන්ට පවතින ගැටළු පිළිබද සොයා බැලීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යාපනයේ පිහිටි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ කාර්යාලයේ පැවති විශේෂ හමුවක් සදහා සහභාගීවිය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම හා ගෙවතු වගාව සදහා පැල ලබාදීම යන කටයුතු මේ දිනවල රටපුරා ක්‍රියාත්මක කරමින් සිටින අතර යාපනයේ ජනතාවට එම පහසුකම් සැලසීම සදහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක් වෙන්නේ ඔවුන්ගේ මුලික සෞඛ්‍ය අවශ්‍යතාව ඉටු කර ගැනීමට තරම්වත් පහසුකම් නොමැතිව බව සමෘද්ධි නිලධාරීන් අමාත්‍යවරයාට කල දැනුම්දීමට අනුව මෙම සාකච්ඡාව සිදු විය.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා නිළධාරීන්ට පොරොන්දු වුයේ අදාල පාර්ශවයන් හා විෂයභාර අමාත්‍ය වරයා සමග සාකච්ඡා කර නිරන්තරයෙන් ජනතාව සමග ගැටෙන සමෘද්ධි නිලධාරීන් හට ලබාදිය හැකි උපරිම සෞඛ්‍ය ආරක්ෂණ උපකරන ලබාදීමට කටයුතු කරන බවත්ය.

    Latest News