ආනවිලුන්දාව රැම්සා තෙත් බිම එළිපෙහෙළි කළ සැකකරුට ඇප

ඔක් 22, 2020

    හලාවත ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ අක්කර එකහමාරක භූමියක් එළිපෙහෙළි කළ සැකකරුට ඇප නියම කෙරිණ.

    ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කුරුළු අභය භූමියට අයත් ඉඩම් කොටසක් එළිපෙහෙළි කළ හිටපු නාවික හමුදා සෙබළෙකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔහු හලාවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.

    සැකකරු රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

    ආනවිලුන්දාව පිංකට්ටිය ප්‍රදේශයේ වැවට යාබදව පිහිටි භූමියක් මෙසේ හෙළිපෙහෙළි කර තිබිණ.

    එහි තිබූ කුඹුක් ඇතුළු වටිනා ශාක රැසක් ද කපා ගිනි තබා තිබූ බවයි, ආනවිලුන්දාව වනජීවී කාර්යාල නිළධාරීන් සඳහන් කළේ.

    Latest News