වාහන ආදායම් බලපත්‍ Online ක්‍රමයට

ඔක් 22, 2020

    කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.22 දින සිට 2020.10.29 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

    එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බවද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පැවසුවාය.

    එසේ වුවද www.motortraffic.wp.gov.lk වෙත පිවිස (Online) ආදායම් බලපත්‍ර ලබා ගත හැකියි.

    රටේ පවතින කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    Latest News