හම්න්තොට ගිනියම් වන ඇෆ්ගන් පකිස්ථාන් ගැටුම

අගෝ 22, 2023

    ‍ඇෆ්ගනිස්තානය  සහ පකිස්ථානය අතර එක් දින ක්‍රිකට් තරගාවලිය අද හම්බන්තොට - සූරිය වැව - මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ  වනවා.

    තරගාවලියට තරග 3 ක් ඇතුළත්.

    තරගාවලියට සූදානම්වන දෙපිලේ ක්‍රීඩකයින් හම්බන්තොට - සූරියවැව ක්‍රීඩාංගණයේ දි ඊයේ පුහුණුවීම්වල නිරත වුණා. දෙරට අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර සියලු තරග පකිස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

    තරගාවලියේ පළමු තරග දෙක හම්බන්තොට දී පැවැත්වෙනවා.

    අද පළමු  තරගය පැවැත්වෙන අතර, දෙවැනි තරය ලබන 24 වැනිදා පැවත්වීමට නියමිතයි. අවසන් තරගය ලබන 26 වැනිදා පැවැත්වෙන්නේ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. සියලු  තරග දිවා රාත්‍රි තරග ලෙස පැවැත්වෙන අතර, මෙරට ප්‍රේක්‍ෂකයින්ට ප්‍රවේශ පත්‍ර රහිතව තරග නැරඹීමේ අවස්ථාව හිමි වනවා.

    Last modified on අඟහරුවාදා, 22 අගෝස්තු 2023 10:52

    Latest News